අපරාධයකට සූදානම්ව සිටි තිදෙනෙක් බඩුත් එක්ක අල්ලයි

මනුෂ්‍ය ඝාතනයක් සඳහා සඟවා තිබූ T 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක්, ජීව උණ්ඩ 14ක් සහිත මැගසිනයක්, කඩුවක් සහ කිනිස්සක් ඇතුළුව තියුණු ආයුධ සමඟ පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව ඊයේ (10) මරදාන පොලිස් වසමේ ලොක්ගෙට්ලේන් ප්‍රදේශයේ ශ්‍රී බෝධිරාජාරාමය විහාරස්ථානය පිටුපස නිවසක අසළදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී ශ්‍රී බෝධිරාජාරාමය විහාරස්ථානය පිටුපස නිවසක, වහලයේ පිටුපස කොටසේ ගමන්මල්ලක බහා මනුෂ්‍ය ඝාතනයක් සඳහා සගවා තිබියදී T 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක්, මි.මි 7.62X39 වර්ගයේ ජීව උණ්ඩ 14ක් සහිත මැගසිනයක්, කඩුවක් සහ කිනිස්සක්ද ඇතුළුව තියුණු ආයුධ
සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මොවුන් තිදෙනා මරදාන, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18, 34, 47 ක් වන පුද්ගලයින් තිදෙනෙකු බවයි.

මොවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මරදාන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මෙම T 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවිය හා තියුණු අවිආයුධ කොළඹ ලොක්ගෙට්ලේන් හා කෙසෙල්වත්ත ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් අදාල ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල සාමාජිකයින් වෙඩි තබා කපාකොටා ඝාතනය කිරීම සදහා මෙම ස්වයංක්‍රීය ගිනිඅවිය හා තියුණු ආයුධ මෙම ස්ථානයේ සඟවා ඇති බවට බුද්ධි තොරතුරු මගින් අනාවරණය කරගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32