අපරාධකරුවන්ට රටින් පනින්න පාස්පෝට් හැදූ තිදෙනෙක් අත්අඩංගුවට

විවිධ අපරාධකරුවන්ට රටින් පැන යාමට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සකස් කළ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම සැකකරුවන් දෙදෙනා කඩවත ප්‍රදේශයේ දී පසුගිය දා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මොවුන් සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී මොවුන්ට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙක් ද හෝමාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 52,54 සහ 58 යන වයස්වල පසුවන කිරිල්ලවල, පිළියන්දල සහ පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම සැකකරුවන් තිදෙනා රැඳවුම නියෝග මත රඳවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39