අපනයනය ඉලක්ක කර ගත් වගා ව්‍යාපෘති දෙකක් ඇඹිලිපිටියට හා සෙවණගලට

අපනයනය ඉලක්ක කර ගනිමින් තවත් ඇඹුල් කෙසෙල් සහ කැවෙන්ඩිෂ් කෙසෙල් අපනයන වගා ව්‍යාපෘති දෙකක් ඉදිකිරීමට කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අද (26) පෙරවරුවේ අගුණකොළපැලැස්ස සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දී මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවැති අතර ඊට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය සහ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඇඹිලිපිටිය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය අක්කර 400ක හා සෙවණගල කැවෙන්ඩිෂ් කෙසෙල් ව්‍යාපෘතිය අක්කර 400ක ද වශයෙන් ඉදි කිරීමට නියමිතයි.

මීට අමතරව රුපියල් මිලියන 150ක වියදමින් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් බරවකුඹුක ප්‍රදේශයේ ඉදි කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

මෙම කෙසෙල් ව්‍යාපෘති දෙක වෙනුවෙන් ගොවීන් 800ක් තෝරා ගන්නා අතර ඔවුන්ට අවශ්‍ය නව තාක්ෂණය, උපදෙස් හා මුල්‍ය පහසුකම් කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ලබා දීමට නියමිතයි.

ජූනි මාසය අවසන් වීමට ප්‍රථම මෙම ව්‍යාපෘති දෙකේ වැඩ කටයුතු ආරම්භ කරන ලෙසටයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේ.

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන 06ක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කිරීමට ද කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ තියෙන උද්යෝගය ආණ්ඩුවේ කිසි කෙනෙකුට නෑ..ජනපතිට එක අතකින් අත්පුඩි ගහන්න බෑනේ
03:57
Video thumbnail
හර්ෂව අපි අගය කරනවා..ඇත්තටම හොඳ වැඩක් - හුස්ම ගන්න සපෝට් කළොත් තමයි රට ගොඩගන්න පුළුවන්
04:36
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
00:52
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
01:28
Video thumbnail
ලංකා ගුරු සංගමයේ සභාපති ගිය මෝටර් රථය මහමඟ උඩුයටිකුරු වෙයි
01:36
Video thumbnail
ඩොලර් ලක්ෂ 25 ගැන ඉල්ලූ පාර්ලිමේන්තු විවාදය රජය ප්‍රතික්ෂේප කළා..ඇයි මේක අකැපද ? තහනම්ද ?
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30