අපට විශ්වාස නෑ… කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න

වර්තමානයේ රටේ පවතින අර්බුදය විසඳීමට නොහැකි නම් එම අර්බුදය විසඳීමට හැකි පුද්ගලයන්ට රට භාර දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

එසේ නොමැතිව රට අයාලේ යෑමට ඉඩ හැරීම මෙන්ම ජනතා අරගල හමුවේ සිදුවන්නේ පවතින අර්බුදය තවදුරටත් සංකීර්ණ වීම බව (31දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළහ.

පසුගිය ආණ්ඩු සඳහා චෝදනා කරමින් මෙම අර්බුදය විසඳිය නොහැකි බවත්, සාමූහිකව ගනු ලබන ක්‍රියාමාර්ග ඔස්සේ මෙය විසඳා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් සඳහන් කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්,

“මේ මොහොත වන විට මේ රටේ ජනතාව විශාල පීඩනයකට පත්වෙලා ඉන්නවා තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාම පිළිබඳ. තෙල් නෑ, ගෑස් නෑ, විදුලිය නෑ, බඩු මිල අහස උසට. මේ වගේ වෙලාවක භික්ෂූන් වහන්සේලා වන අපට මිනිස්සු කෑ ගහනවා. පසුගිය කාලේ කෑ ගහපු හාමුදුරුවරු කෝ කියලා. මම මේ ආණ්ඩුවට යෝජනාවක් කරන්න බලාපොරොත්තුවෙනවා.

ඒක තමයි රටේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නය පිළිබඳ හරි අවබෝධයක් ලබාදෙන ආකාරයක් අපිට පේන්න නෑ. මැති ඇමතිවරු නොයෙක් කතා කියනවා. සාමූහික වගකීමක් දරමින් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන කිසිදු සාකච්ඡාවක් ඇති වෙලා නෑ. ඊයේ පෙරේදා ගාමිණී ලොකුගේ ඇමතිවරයා කියනවා තෙල් තිබෙනවා ඕන තරම්, බවුසර් නැවත හැරිලා යනවා කියලා. සිපෙට්කෝ ආයතනය කියනවා 30 සහ 31 තෙල් නෑ, කරුණාකරලා පෙට්‍රල් ශෙඩ්වලට එන්න එපා කියලා. මොකක්ද මේ බහුබූතේ?

අදඅපි මේ මුහුණ දෙන අර්බුදයට මුහුණ දෙන්න පෙරාතුව ගෝලීය වසංගතයක් වුණු කෝවිඩ් වසංගතයට මුහුණ දුන්නා. මුල් කාලයේ යම් යම් අපිළිවෙළ ආකාරයක් තිබුණත් පසුව ඒ ප්‍රශ්නය හොඳින් කළමනාකරණය කළා. ඒක අවසන් කලාට පස්සේ දැන් විශාල ජීවන අරගලයකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා.

මිනිස්සුන්ගේ බඩගින්දර එක්ක, අවේගය සමග සෙල්ලන් කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි මේක. අපි පළවෙනි යෝජනාව ආණ්ඩුවට කරනවා. කරුණාකරලා මේ ප්‍රශ්නය විසඳාගන්නේ කොහොමද කියලා පුළුල් නිවේදනයක්, යම් සකච්ඡාවක් ඇතිකරගත යුතු වෙනවා. අර කාලෙට, මේ කාලෙට, පසුගිය ආණ්ඩුවලට චෝදනා කළා කියලා මේකට උත්තරයක් හොයන්න බෑ.

ඉතාම කරුණාවෙන් ආණ්ඩුවට කියනවා ඇත්තටම ලැජ්ජයි. ඒ මොකක් ගැනද? මේ වාහනවලට තෙල් දෙන එක සම්බන්ධයෙන් මොකක් හරි සිස්ටම් එකක් හදලා මේ වෙලාවට තෙල් දෙනවා කියලා කියන එක මහලොකු වැඩක්ද? ගෑස් සම්බන්ධයෙනුත් ඒක කරන්න පුළුවන්. මිනිස්සු පෝලිම්වල, සෑම නගරයකම උද්ඝෝෂණ. කෝවිඩ් ප්‍රශ්නය කළමනාකරණය කළා වගේ ඇයි මේ ප්‍රශ්නය කළමනාකරණය කරන්න මැදිහත් වෙන්නේ නැත්තේ? මේ කලබලයට පත්වීම නිසා නොයෙක් ප්‍රශ්න අලුතින් නිර්මාණය වෙන්න පුළුවන්.

දැන් ජනාධිපතිවරයා ගැන විශ්වාසයක් නෑ, අගමැතිවරයා ගැන විශ්වාසයක් නෑ, කැබිනට් එක ගැන විශ්වාසයක් නෑ, මන්ත්‍රීවරුන් ගැන විශ්වාසයක් නෑ. මෙහෙම ආරාජික වෙන්න දෙන්න පුළුවන් කමක් නෑ. මේක විශාල අවාසනාවන්ත තත්ත්වයක්. මේ තෙල් ටික, ගෑස් ටික බෙදාගන්න බෑ කියන අවිශ්වාසය වෙනුවට කෝවිඩ් ප්‍රශ්නය කළමනාකරණය කළා වගේ මේ ප්‍රශ්නය කළමණාකරනය කරලා පෙන්නුවොත් මිනිස්සුන්ට යම් විශ්වාසයක් ඇතිවෙයි මේ අර්බුදය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා.

මේක කරන්න නම් හොඳ වැඩකාරයෙක් අපිට අවශ්‍යයි. අපිට පේනවා දැන් රටඅයාලේ යනවා. ඒ නිසා කරුණාකරලා ආණ්ඩුව කියන්න මේ විශ්වාසය හදන්නේ කොහොමද? ප්‍රශ්නය විසඳන්නේ කොහොමද? ඒක විසඳන්න කොපමණ කාලයක් යනවාද? කියලා.

එහෙම නොවී තව තවත් අයාලේ යන්න ඇරලා, සියලු දෙනා පාරට බැහැලා අරගල කරන්න යෑම ඇතුලේ මේ ප්‍රශ්නය තවත් ගැටුම් බවට පත්වෙලා සංකීර්ණ තැනකට පත්වෙනවා. නිශ්චිත වැඩපිළිවෙළක් නෑනේ. ලබන සඳුදා වෙනවා කියනවා, සමහර ඇමතිවරු ඇවිත් කියනවා අවුරුදු වෙනකොට කරන්ට් එකත් නෑ කියලා. කරන්න බැරි නම් කියන්න. එහෙම නැතිනම් කරන විදිය කියන්න. බැරිනම් කරන්න බැරිවුන් පැත්තකට වෙලා කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න” යනුවෙන් සඳහන් කළහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:51:16
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31