අනූෂ සමරනායක වේග පන්දු පුහුණුකරු තනතුරට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක පත්කර ඇති බව වාර්තා වනවා.

එමෙන්ම ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කාර්ය සාධන පෝෂණවේදී තනතුර සඳහා වෛද්‍ය හෂාන් අමරතුංග පත්කර තිබෙනවා.

ඊට අමතරව භෞත චිකිත්සක ලෙස ජොනතන් පෝටර් පත්කර ඇති බවයි වාර්තා වන්නේ.