අනුර ප්‍රියදර්ශන ඇතුළු 06ක අධි චෝදනා භාර දෙයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් හැට එක් ලක්ෂ හතලිස් හය දහස් එකසිය දහයක (රුපියල් 6,146,110 ) මුදලක් 2014.12.26 වන දින 2015 ජනවාරි මාසය අතර කාලයේදී නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් ගංවතුර ආධාර සඳහා වැය කරමින් එකී මුදල් සාවද්‍ය සාපරාධි පරිහරණය ඇතුළු ආදී චෝදනා 05ක් යටතේ පවර තිබු නඩුවේ විත්තිකරුවන් වන හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන ඇතුළු ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති ඇතුළු 06 දෙනෙක් සඳහා අද දින කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ අධි චෝදනා භාර දෙනු ලැබුවා.

එම අධි චෝදනා භාර දීමෙන් පසු ඔවුන් රුපියල් ලක්ෂ 01 බැගින් වූ මුදල් හා ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින්ද නියම කොට ඇප මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කළා.

එමෙන්ම ඔවුන්ගේ ඇඟිලි සලකුනු ලබා ගෙන පෙර වැරදි වාර්තා කැඳවන ලෙසද නියෝග කළා.

එම නඩුවේ පූර්ණ නඩු විභාගය ඔක්තෝම්බර් පළවැනිදා ආරම්භ කිරීමට ද විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.

මෙම විත්තිකරුවන් 06 දෙනාම අධිකරණය විසින් නිකුත් කරන ලද නොතිසී නියෝද අනුව අද විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46
Video thumbnail
චතුරංග ජනතාවගෙන් සමාව ගයි - බලාපොරොත්තු වෙච්ච හැමදේම දෙන්න බැරිවුණාට සමාවෙන්න
05:33
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06
Video thumbnail
ත්‍රිකුණාමලයේ මුවන් උද්‍යානයට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙයි - බලන්න එන අය ගොඩක් සතුටු වෙනවා
02:08
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52