අනුර ප්‍රියදර්ශනගේ නඩුව ගැන පොලිසියෙන් අධිකරණයට දැනුම්දීමක්

ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව නඩුව අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබෙනවා.

මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා ඉදිරියේ ඊයේ (02) කැඳවනු ලැබුවා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අගෝස්තු 21 වැනිදා අධි චෝදනා ගොනු කර ඇති බවයි.

ඒ, අනුව නොතීසි ලද විට මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව නඩු කටයුතු අවසන් කිරීමට නියෝග කළා.

ඒ, අනුව නඩු කටයුතු අවසන් කිරීමට ද කොළඹ මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

ඉකුත් අගෝස්තු 21 වැනිදා හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකු හට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න හමුවේ අධිචෝදනා භාර දුන්නා.

මේ සම්බන්ධයෙන් ඉකුත් ජනාවාරි 22 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව නඩු පැවරිමෙන් අනතුරුව අධිකරණය මගින් නිකුත් කළ නොතිසි අනුව අනුර ප්‍රියදර්ශන සහ ඒ ඔහුගේ බිරිඳ ඇතුළු හයදෙනා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියා.

2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් හැටඑක් ලක්ෂ 61කට අධික මුදලක් ලබාගෙන, එම කටයුත්ත සඳහා භාවිත නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සාවද්‍ය පරිහරනය ඇතුළු ⁣චෝදනා පහක් යටතේ අධිචෝදනා භාර දෙනු ලැබුවා.

ඒ, අනුව එම මුදල් සාපරාධී පරිහරණයක් මෙන්ම පොදු දේපළ යටතට ගැනෙන වරදක් බැවින් නීතිපතිවරයාගේ උපදෙස් අනුව මෙම ⁣අධි චෝදනා ගොනු කර තිබෙනවා.

එහිදී අධිචෝදනා භාරදීමෙන් අනතුරුව ඔවුන් රුපියල් ලක්ෂ එක බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.

එමෙන්ම ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන පෙර වැරදි වාර්තා කැඳවන ලෙස ද නියෝග කළා.

ඉන් අනතුරුව නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඔක්තෝබර් 01 වනිදා ආරම්භ කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.

ඒ මේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ලබන ඔක්තෝබර් 01 වනදා කැඳවීමට නියමිතයි.

  1. පොහොට්ටුවේ කම්බ හොරු ඔක්කෝම එකයි.මුන් මුළු රටම හොරා කාල බං කොලෝත් කරලා රටම නන්නත්තාර කලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46