අනුර දිසානායකට කොවිඩ්

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

අගමැති කාර්යාලය මේ බව නිවේදනය කළා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ ඊයේ (16) දිනයේ සිදු කළ කොරෝනා පරීක්ෂණයක දී.

මේ අතර. කොවිඩ් මර්දන පූර්ණ එන්නත්කරණයට ලක්වූ ගැබිනි මව්වරුන්ගේ බිළිඳුන්ට වෛරසයට එරෙහි ඉහළ ප්‍රතිශක්තිකරණ හැකියාවක් උපතේදීම හිමිවන බව නව අමෙරිකානු අධ්‍යයන වාර්තාවක් මගින් අනාවරණ කරනවා.

මේ අතර, මෙරට රෝහල්වල සිදුවන මරණවලට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කොවිඩ් පරීක්ෂණ සිදුකිරීම අනිවාර්ය නොකරමින් නව චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය සමයේ කොවිඩ් මර්දනය කළ හැකි බව පවසමින් දේශීය ඖෂධීය පැණියක් නිෂ්පාදනය කරමින් ප්‍රසිද්ධියට පත්වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ බාල සොහොයුරා ද කොවිඩ් ආසාදනයවීමෙන් මියගොස් තිබෙනවා.

මේ අතර, රෝහල් ගතව මියයන පුද්ගලයින්ගේ දේහයන් සම්බන්ධයෙන් කොවිඩ් පරීක්ෂණ’සිදුකිරීම අනිවාර්ය නොවන බව දක්වමින් නව චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ගැබිනි මව්වරුන් කොවිඩ් ආසාදිතව අසාධ්‍ය තත්ත්වයට පත්වීමෙන් රෝහල්ගතවීමේ ප්‍රවණතාව 60%කින් අවම වී ඇති බව අමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නව අධ්‍යයන වාර්තාවක් මගින් අනාවරණ කරනවා.

කොවිඩ් වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් සම්පූර්ණ කළ ගැබිනි මව්වරුන්ගේ මව්කුස තුළදීම බිළිඳුන් ද වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය ලබන බවත්ල පසුව, මව්කිරි ලබාදීමේදී දෙවැනි වරටත් ඔවුන් ප්‍රතිශක්තිය ලබන බවත් මෙම අධ්‍යයන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

අමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ 2021 – 2022 දක්වා කාල පරාසය තුළ අමෙරිකාවේ අලුත උපන් බිළිඳුන් 379 දෙනෙක් ආශ්‍රිතව සිදුකළ අධ්‍යයන වලදී.

මේ අතර, කැනඩාව බලාත්මක කර තිබෙන ඇතැම් කොවිඩ් නීතිරීති ලිහිල් කිරීමේ තීරණයක පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සති කිහිපයක් පුරා එරට ඔටාවා සහ ඔන්ටාරියේ නුවර මෙන්ම අමෙරිකානු දේශසීමාවන් ආශ්‍රිතව ක්‍රියාත්මක වන විරෝධතා හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25