spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනුර කුමාර සහ ජගත් සංවිධාන නියෝජිතයන් අතර හමුවක්

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නේවාසික නියෝජිත Marc-Andre Franch මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී යි අද පෙරවරුවේ මෙම හමුව සිදුවී ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ සාමය සහ සංවර්ධන උපදේශක එඩ්වඩ් රීස් සහ ජාතික ජන බලයේ ජාතික විධායක සභික බිමල් රත්නායක යන මහත්වරු ද මෙම හමුවට සහභාගි වී තිබෙනවා.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්ත්වය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි.

ආණ්ඩුවේ ආර්ථික ඉලක්ක අසාර්ථක වීම හේතුවෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත්වෙමින් සිටින බව පෙන්වා දුන් ඔහු මැතිවරණ නොපවත්වා රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරා ගනිමින් සිටින බවද ප්‍රකාශ කර තිබෙනවා.

මැතිවරණයට නියෝග කළ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවන බවට තර්ජනය කරමින් ජනතා විරෝධතා මර්දනය කරමින් රජය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කරන බව පෙන්වා දුන් බව ද අනුර දිසානායක කියසිටියා.

මැතිවරණය පැවැත්වීමට නියෝග දුන් විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව කැඳවන බවට තර්ජනය කරමින් මහජන විරෝධතා යටපත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කටයුතු කරන බව ද පෙන්වා දුන් බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
8
+1
4
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?