අනුර කුමාර නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී අද (12) පෙරවරුවේ ඔහු සිය නාමයෝජනා පත්‍රයට අත්සන්.තැබුවා

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළුව ජාතික විධායක සභිකයින් කිහිප දෙනෙක් එක්ව සිටියා.