අනුරාධපුර රැඳවියන් ගැන අධිකරණය දුන් නියෝගය

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ තර්ජන වලට ලක් වූවා යැයි කියන අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් අට දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවරගන්නා ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට හා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට උපදෙස් දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා .

ඒ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනූරාධපුර බන්ධනාගාරය තුළට ඇතුළු වී පිස්තෝලයක් රැදවියකුගේ හිසට තබා තර්ජනය කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ප්‍රකාශයට පත් කරන ලෙසට ඉල්ලා එම බන්ධනාගාරයේ රඳවා සිටින රැදවියන් 8 දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැදවු අවස්ථාවේදීයි.

මෙම රැදවියන් ට ප්‍රවේශ වීමට ඔවුන්ගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළා.

මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ එස්.තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර යළි එය ඔක්තෝබර් මස 21 දා සලකා බැලීමට නියමිතයි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය ලොහාන් රත්වත්තේ, අනුරාධපුර බන්ධනාගාරය අධිකාරීවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා, අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි සහ නීතිපතිවරයා නම් කර ඇත .

සැප්තැම්බර් මස 12 වන දා සවස 6.05 ට පමණ සිය ආරක්ෂකයින් සමඟම බන්ධනාගාරයට පැමිණි වගඋත්තරකාර ලොහාන් රත්වත්තේ අමාත්‍යවරයා තමන්ව දණ ගස්වා අමානුෂික ලෙස බැණ වැදුණු බව පෙත්සම්කරුවන් චෝදනා කර සිටියි .

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා සිටින සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා විසින් තමාට ලබාදී ඇති බව අමාත්‍ය රත්වත්තේ මහතා විසින් මෙහිදී ප්‍රකාශ කළේ යැයි පවසන පෙත්සම්කරුවන් අනතුරුව සිය පිස්තෝලය ගෙන පූපාලසිංහම් සූරියපාලන් නමැති පෙත්සම්කරුගේ හිසට තබා තර්ජනය කළ බව පවසා සිටියි .

මේ සිද්ධියට අදාළව සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශයට පත් කරන ලෙසටත් තමන්ව යාපනය බන්ධනාගාරයට මාරු කරන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසටත් ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14