අනුරාධපුර බන්ධනාගාරයේ යකා නටයි – ගුටිබැට හුවමාරුවකින් 3ක් රෝහලේ

අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින රැදවියෙක් බැලීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් හා ජේලර්වරැන් දෙදෙනෙක් අතර ගුටි හුවමාරුවක් සිදුව තිබෙනවා.

එහිදී තුවාල ලැබු ජේලර්වරයෙක්, රැදවියෙක් හා තවත් පුද්ගලයෙක් ඊයේ (04) දින රෝහල් ගත කළ බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියා සිටියා.

අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියේ නිරතව සිටි ජේලර්වරයෙක්, බන්ධනාගාර රැදවියෙක් හා පානියන්කඩවල,සාලියපුර පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස රෝහල් ගත කර තිබෙනවා.

බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් බැලීමට තරුණයන් දෙදෙනෙකු පැමිණ ඇති අතර එම අවස්ථාවේ රාජකාරියේ නිරත ජේලර් නිලධාරීන් දෙදෙනක් සමඟ ඇතිකර ගත් බහින්බස්වීමක් දුරදිග ගොස් දෙපාර්ශවය අතර පහරදීමක් සිදුවී ඇති බවත් පොලිසිය සඳහන් කර සිටියා.

පසුව බන්ධනාගාර නිලධාරින් විසින් ගැටුම මැඩ පවත්වා රැදවියා බැලිමට පැමිණි තරුණයන් අනුරාධපුර පොලිසියට බාරදි තිබෙනවා.

සැකකරුවන් අද (05) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර මෙම ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මුලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23