spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනුරාධපුර බන්ධනාගාරයේ යකා නටයි – ගුටිබැට හුවමාරුවකින් 3ක් රෝහලේ

අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින රැදවියෙක් බැලීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් හා ජේලර්වරැන් දෙදෙනෙක් අතර ගුටි හුවමාරුවක් සිදුව තිබෙනවා.

එහිදී තුවාල ලැබු ජේලර්වරයෙක්, රැදවියෙක් හා තවත් පුද්ගලයෙක් ඊයේ (04) දින රෝහල් ගත කළ බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියා සිටියා.

අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියේ නිරතව සිටි ජේලර්වරයෙක්, බන්ධනාගාර රැදවියෙක් හා පානියන්කඩවල,සාලියපුර පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස රෝහල් ගත කර තිබෙනවා.

බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් බැලීමට තරුණයන් දෙදෙනෙකු පැමිණ ඇති අතර එම අවස්ථාවේ රාජකාරියේ නිරත ජේලර් නිලධාරීන් දෙදෙනක් සමඟ ඇතිකර ගත් බහින්බස්වීමක් දුරදිග ගොස් දෙපාර්ශවය අතර පහරදීමක් සිදුවී ඇති බවත් පොලිසිය සඳහන් කර සිටියා.

පසුව බන්ධනාගාර නිලධාරින් විසින් ගැටුම මැඩ පවත්වා රැදවියා බැලිමට පැමිණි තරුණයන් අනුරාධපුර පොලිසියට බාරදි තිබෙනවා.

සැකකරුවන් අද (05) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර මෙම ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මුලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?