spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනුරාධපුර පූජා භූමියේ විකුණන්න ගිය ලක්ෂ අටක ගංජා තොගයක් අල්ලයි

අනුරාධපුර පූජා භූමිය ප්‍රදේශයේ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ලක්ෂ අටකට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) දින අනුරාධපුර පොලිස් වසමේ රුවන්වැලිසෑය ඉදිරිපිට ඇති රථගාලේ දී මෙම වැටලීම සිදුකර තිබුණා.

එහි දී අනුරාධපුර ප්‍රදේශයේ අලෙවි කිරීම සඳහා ලක්ෂ අටකට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා කිලෝ 04 ග්‍රෑම් 250ක් සන්තකයේ තබාගෙන සිටි ආනවාසල, කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?