spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ මාරක අනතුරක් (ඡායාරූප)

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තලාව පොලිස් වසමේ මීරිගම ප්‍රදේශයේ දී ඊයේ (04) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූවන් තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇති අතර, ඔවුන් තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

තලාව ප්‍රදේශයේ සිට අනුරාධපුර දෙසට ගමන් කළ යතුරුපැදියක් සහ අනුරාධපුර සිට ගල්ගමුව දෙසට ගමන් කළ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි තලාව පොලිසිය සඳහන් කළේ.

අනතුරින් මියගිය කාන්තාව ගල්ගමුව, ගිරිබාව ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක්.

අනතුර පිළිබඳව වැඩිදුර විමර්ශන තලාව පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.

bike 1
bike 4
bike 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?