අනුරාධපුරය නැවත ලොව ප්‍රකට නගරයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් – ජනපති

අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවති අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

තන්ජෝර්, මදුරාසි සහ සාංචිපුරම් නගර ගැන අද ලෝකයම කථා කළ ද, එහි සිව්වන නගරය වූ අනුරාධපුරයේ එම දියුණුව ඇති කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අනුරාධපුර නගරයේ සංස්කෘතික, අධ්‍යාපන, වෙළෙඳ සහ ආර්ථික වටිනාකම් ලෝකයට ගෙන යමින් එහි පුරාවිද්‍යාත්මක පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට ඉදිරි සතියේ දී මෙරටට පැමිණෙන යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සමඟ සාකච්ඡා කරන බවත්, එම කටයුතු සඳහා සහාය දැක්වීමට ලොව විශ්වවිද්‍යාල ගණනාවක් මේ වන විට කැමැත්ත පළ කර තිබෙන බවත් සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ LTL සමූහ ව්‍යාපාරය විසින් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද කිලෝවොට් 150ක ධාරිතාවකින් යුත් සූර්යබල විදුලි පද්ධතිය සසුනට පූජා කිරීමේ උත්සවයට අද (13) පෙරවරුවේ එක් වෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“සූර්ය බලය ඇතුළු පුනර්ජනනීය බලශක්තිය ලංකාවට හඳුන්වාදීමට සූදානම් වන අවස්ථාවේ එම වගකීම භාරගැනීම පිළිබඳ LTL හෝල්ඩින්ග්ස් සමාගමට ස්තූතිවන්ත වෙනවා. LTL සමාගම අද ලෝක ප්‍රකට සමාගමක් බවට පත්වූවද එහි ආරම්භය ලංකාවේ සිදුවූ බව ඔවුන් අමතක කර නැහැ.
ඒ, වගේම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ සිටින පරිශ්‍රයේ සහ අටමස්ථානයේ එම වැඩකටයුතු කරගෙන යාමට ආණ්ඩුවේ සහාය ලබා දී තිබෙනවා. ඉදිරියේදී ද එම සහාය ලබාදීමට කටයුතු කරනවා. අනුරාධපුර නගරයේ ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කරන විට වසර දහසකට වඩා පැරණි ඉතිහාසයක් එහි තිබෙනවා. ඒ වගේම අනුරාධපුරය පැරණි වෙළඳ සහ ආර්ථික නගරයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණා. මෙවැනි වටිනා පැරණි නගරයක සිදු කළයුතු පුරාවිද්‍යා කටයුතු ගණනාවක් තිබෙනවා.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිතිවරයාගේ කාලයේදී යුනෙස්කෝ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡා කර සංස්කෘතික ත්‍රිකෝණය ආරම්භ කළා. පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල, මහනුවර, අනුරාධපුර වැනි අපේ නගරවලට එමඟින් මහත් ප්‍රසිද්ධියක් ලැබුණා. එම ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු අප තවම අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කර නැහැ. අප දැන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා කටයුතු ආරම්භ කළ යුතුව තිබෙනවා.
දැනට කාම්බෝජියාවේ ඇංකර්තෝම් නගරයේ යුනෙස්කෝ සංවිධානය ප්‍රංශය ඇතුළු රටවල ආධාර ඇතිව විශාල වැඩකොටසක් සිදුකරගෙන යනවා. වසර 30-40ක සිට එම කටයුතු සිදු කෙරෙනවා. ඒ වගේම යුනෙස්කෝව විසින් ප්‍රංශ ආධාර ඇතිව ලාඕසයේ ලුවන් ප්‍රභන් නගරයත් ඒ වගේම සකස් කර තිබෙනවා. චීන ආණ්ඩුව ද ස්ථාන කිහිපයකම තමන්ගේම මූල්‍ය ශක්තියෙන් පුරාවිද්‍යා වැඩකටයුතු කරගෙන යනවා.
නමුත් අප අනුරාධපුර නගරය තුළ මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගත්තේ නැහැ. ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික ත්‍රිකෝණය යන දෙකම කැඳවා මෙම වැඩකටයුතු කරගෙන යන ලෙස මම උපදෙස් දුන්නා. ඒ, වගේම මහාවිහාරයේ කැණීම් කටයුතු සිදුකිරීමට ඩර්හැම් විශ්වවිද්‍යාල සමඟ එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා. නායක ස්වාමින් වහන්සේලා සමඟ සාකච්ඡා කර එම කටයුතු කඩිනමින් කරගෙන යාමට උපදෙස් දී තිබෙනවා. එම කටයුතු සඳහා ආචාර්ය ප්‍රශන්ත ගුණවර්ධන මැතිතුමා සම්බන්ධ කර තිබෙනවා.
මහා විහාරය කියන්නේ අනුරාධපුර ඓතිහාසිකත්වයේ කොටසක් පමණයි. ඒ නිසා මෙම අනුරාධපුර නගරයේ කටයුතු ගැන සාකච්ඡා කිරීමට යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමියට ලංකාවට පැමිණීමට මම ආරාධනා කර තිබෙනවා. දීර්ඝකාලීනව මෙම අනුරාධපුර නගරයේ පුරාවිද්‍යා කටයුතු කරගෙන යාමට මම එහිදී එතුමියට යෝජනා කරනවා. මෙම කටයුතු සඳහා අපට සහාය ලබාදීමට වෙනත් රටවල විශ්විවිද්‍යාල ගණනාවක් කැමැත්ත පළ කර තිබෙනවා. මේ සියලුදෙනා එක් කරගෙන ඉදිරියට යාමට අප තීරණය කර තිබෙනවා.
මෙම කටයුතු සමඟ අනුරාධපුරය ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරනවා. අද සීගිරියට එම ප්‍රසිද්ධිය ලැබී තිබෙනවා. අතීතයේ ප්‍රධාන වෙළෙඳ, ආර්ථික මධ්‍යස්ථානයක් වූ අනුරාධපුරයේ ප්‍රසිද්ධිය ගැන අප තවම කථා කර නැහැ. අප තන්ජෝර් ගැන කථා කරනවා, මදුරායි, සාංචිපුරම් ගැන කථා කරනවා නමුත් ඒ සමඟ තිබු හතරවන නගරය වන අනුරාධපුරය අමතක කර තිබෙනවා. ඒ අනිසා අනුරාධපුර නගරයේ දියුණුව වෙනුවෙන් එම වැඩකටයුතු කළ යුතුයි. එම කටයුතු අතරතුර අනුරාධපුර නගරයේ නව හෝටල් ඇති කිරීම වෙනුවෙන් අප අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒ සමඟ මෙම නගරය විශාල දියුණුවකට ලක්වනු ඇතියි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18