අනුරාධපුරයේ හෙරොයින් ජාවාරම්කරුවෙක් පොලිසියට කොටු

අනුරාධපුර නගරයේදී සිදුකළ විශේෂ පරීක්ෂාවකදී රුපියල් ලක්ෂ දාහතක් පමණ වටිනාකමකින් යුතු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 262ක් සමඟ සැකකරුවෙකු අනුරාධපුර පොලිසියේ කොට්ඨාස අපරාද විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර, දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ 29 හැවිරිදි අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්.

මෙම සැකකරු මත්ද්‍රව්‍ය තොග වශයෙන් ගෙන එය කුඩා ප්‍රමාණයෙන් වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත අලෙවි කිරීම සිදුකර ඇති අතර එම ගැනුම්කරුවන් විසින් නැවත කුඩා ප්‍රමාණයට වෙන්කර හෙරොයින් මත්කුඩු අලෙවි කිරීම සිදුකරන බව පොලිසිය පවසනවා.

මෙලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යතුරුපැදියක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23