spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනුරාධපුරයේ හෙරොයින් ජාවාරම්කරුවෙක් පොලිසියට කොටු

අනුරාධපුර නගරයේදී සිදුකළ විශේෂ පරීක්ෂාවකදී රුපියල් ලක්ෂ දාහතක් පමණ වටිනාකමකින් යුතු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 262ක් සමඟ සැකකරුවෙකු අනුරාධපුර පොලිසියේ කොට්ඨාස අපරාද විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර, දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ 29 හැවිරිදි අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්.

මෙම සැකකරු මත්ද්‍රව්‍ය තොග වශයෙන් ගෙන එය කුඩා ප්‍රමාණයෙන් වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත අලෙවි කිරීම සිදුකර ඇති අතර එම ගැනුම්කරුවන් විසින් නැවත කුඩා ප්‍රමාණයට වෙන්කර හෙරොයින් මත්කුඩු අලෙවි කිරීම සිදුකරන බව පොලිසිය පවසනවා.

මෙලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යතුරුපැදියක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?