spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනුරාධපුරයේදී වන අලි පහරදීමකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

අනුරාධපුර පූජා නගරය ආසන්නයේදී වන අලි පහරදීමකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දේවානම්පියතිස්සපුර හතරවන පියවර ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි සිසුවෙක්.

වී වෙළඳාමේ නිරතවන ඥාති සහෝදරයෙකු උදෑසන බස් රථයකට ඇරලවා යතුරුපැදියෙන් නිවස බලා ගමන් කරමින් සිටියදීයි අද අලුයම 4.45ට පමණ ඔහු වන අලි ප්‍රහාරයට ලක්වී ඇත්තේ.

ඔහු සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ අධ්‍යයන කටයුතු සඳහා පාසලට ඇතුලත් වීම වෙනුවෙන් අයදුම්පත්‍ර භාරදීම සඳහා නගරයේ පාසලකට යාමට සූදානම් වෙමින් සිටි අයෙක් බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?