Update – අනුරපුර වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකරුව පෙරට්ටුවේ දී හඳුනාගනී

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කළ බව කියන සැකකරු, පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් හඳුනාගෙන තිබෙනවා.

ඒ, අදාළ සැකකරු අද (28) දිනයේ හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දීයි.

Update – Friday, March 28, 2025, 12.35PM

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කළ සැකකරු අද (28) අනුරධපුර අධිකරණය රැගෙන එනු ලැබුවා.

සැකකරු අද දිනයේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මේ අතර පැමිණිලිකාර වෛද්‍යවරිය ද අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි බවයි අනුරාධපුර දසත වාර්තාකරු සඳහන් කළේ.

පැමිණිලිකාර වෛද්‍යවරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව අවස්ථා කිහිපයක දී කල් දැමීමටයි අධිකරණයට මීට පෙර සිදු වුණේ.