අනුරපුරේ වන්දනා ගමන මරණයකින් නතර වෙයි

ගල්ගමුව පොලිස් වසමේ මීඔය ආසන්නයේ දී පාදෙණිය දෙස සිට අනුරාධපුරය දෙසට ගමන් කළ වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

අද (26) අලුයම් කාලයේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අනුරාධපුර වන්දනා ගමනක් යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක්.

අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති අතර, අනතුර සිදු වූ අවස්ථාවේ දී වෑන් රථයේ 15 දෙනෙකු පමණ සිට තිබෙනවා.

වෑන් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් මීඔය පාලමේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සිදු වූ ස්ථානයේදීම එක අයෙක් මියගොස් ඇති අතර, තවත් 13 දෙනෙකු ගල්ගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් 07 දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, මියගොස් ඇත්තේ 69 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

අනතුර සම්බන්ධයෙන් ගල්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39