spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනුරගේ විරෝධතාවයට වාරණයක්

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් අද (08) රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට සංවිධානය කරනු ලබන විරෝධතාවට අදාළව මාර්ග කිහිපයක උද්ඝෝෂණය කිරීම පමණක් වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනකුටයි.

අධිකරණය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 (01) වගන්තිය ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇත්තේ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, එම පක්ෂයේ සාමාජිකයන් වන විජිත හේරත්, ලාල් කාන්ත, ටිල්වින් සිල්වා, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ ඇතුළු 26 දෙනකුට සම්බන්ධයෙනුයි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය, කොටා පාර, නාවල පාර ඔස්සේ සරණ පාර සහ මැතිවරණ කාර්යාලයේ ප්‍රවේශ මාර්ගයන් හි උද්ඝෝෂණය කිරීම තහනම් කරමින් මෙම අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති පාර්ශ්වයන් සිදුකිරීමට නියමිත උද්ඝෝෂණය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පාසල් සඳහා අවහිරයක් මෙන්ම මහජන පීඩාවක් සිදුවන බවට දක්වමින් විරෝධතාව වළක්වන ලෙසට වැලිකඩ පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?