අනීතික ලෙස මෙරට රැඳී සිටි චීන්නු 37ක් පිටුවහල් කෙරේ

මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු නීතිරීති උල්ලංඝනය කරමින්, අනීතික ලෙස ශ්‍රී ලංකාව තුළ රැදී සිටිමින් , නීතිවිරෝධී කටයුතුවල නිරත වී සිටියදී මෙරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි චීන ජාතිකයන් 37 දෙනෙකු ඊයේ (04) රාත්‍රියේ මෙරටින් පිටුවහල් කර තිබෙනවා.

මෙලෙස පිටුවහල් කළ චීන ජාතිකයන් අතර 06 දෙනෙකු චීන ජාතික කාන්තාවන් බවයි වාර්තා වුණේ.

ඔවුන් මෙරටින් රැගෙන යාම සදහා එරට ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකු ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බව දසත නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළා.

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළෙන් ඊයේ (04) රාත්‍රී 10.50ට චීනයේ කුංමිං නුවර බලා චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ – 714 දරන සාමාන්‍ය මගී ගුවන් යානයෙන් රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26