spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනියම් සම්බන්ධයට කිරින්දේ පත්තු වූ වෙඩි උණ්ඩය

කිරින්ද පොලිස් වසමේ පුස්තෝලමුල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

අද (19) උදෑසන මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, මෙරට නිෂ්පාදිත ගිනි අවිඉයක් ඒ සඳහා යොදාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයා දෙබරවැව රෝහලර ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ පුස්තෝලමුල්ල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි වියේ පසුවන අයෙක්.

තුවාලකරු,වෙඩි තැබීම සිදුකර පුද්ගලයාගේ බිරිඳ සමඟ පැවති අනියම් සම්බන්ධතාවක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

වෙඩි තැබීම සිදුකළ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිරින්ද පොලිසිය විමර්ශන ආරම්භකර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?