spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනියම් පෙම මරණයකින් කෙලවර වූ හැටි

අනියම් සම්බන්ධතාවක් මත ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදීමේ පුවතක් ඊයේ (07) කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පොලිසිය පැවසුවේ 29 හැවිරිදි පුද්ගලයෙකු විසින් 45 හැවිරිදි කාන්තාවකට මෙලෙස තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි.

පහරදීමෙන් අනතුරුව අදාල පුද්ගලයා අසල පිහිටි ගොඩනැගිල්ලකට නැඟ ඇති අතර එහිදී අධිබලැති විදුලි රැහැනක ගැටී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එම අනතුරෙන් අදාල පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර තියුණු ආයුධයකින් පහර කෑ කාන්තාව මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?