අනියම් පෙම්වතා සමඟ එක්ව සිය කුසින් උපන් දරුවාට වධහිංසා ලක් කළ පාපතර මව

මාස 6ක් වයසැති බිළිඳෙකු සිය මව හා ඇගේ අනියම් පෙම්වතා විසින් පුළුස්සා හිංසනයට ලක්කිරීමේ ඛේදනීය පුවතක් ජාඇළ – තුඩැල්ල ප්‍රදේශයෙන් වාර්තාවනවා. හිංසනයට ලක්වූ බිළිඳා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මේවන විට මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන මාස 6ක් වයසැති බිළිඳාගේ මව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට මීට මාස කිහිපයකට පෙර සිරගත කර තිබෙනවා. ඒ අතරතුර බිළිඳාගේ පියාද පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පොලිස් අත්අඩංගුවට පත්ව දැනට සිටින්නේ සිරගතවයි. දඩුවම් කාලය නිම කරමින් යළි පැමිණි බිළිඳාගේ මව සිය අනියම් පෙම්වතා සමග අදාළ බිළිඳා වෙනත් ස්ථානයකට ගෙනගොස් දින 20ක පමණ කාලයක් විවිධ හිංසනවලට ලක්කර ඇති බවට බිළිඳාගේ පියා චෝදනා කරනවා. බිළිඳාගේ පියා මේ පිළිබඳව පැමිණිලි කිරීමට ජාඇළ පොලිස් ස්ථානයට පැමිණි පසු එහි ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අදාළ බිළිඳා ඊයේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා. කෙසේ වෙතත් එම වාර්තාව මෙතෙක් ලැබී නැහැ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට ජාඇළ සහ සීදුව පොලිස් ස්ථාන විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21