අනිද්දා පැවැත්වෙන පහේ ශිෂ්‍යත්වය ගැන විශේෂ දැනුම්දීමක් (වීඩියෝ)

2023 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන ඉරිදා (15) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් අපේක්ෂකයින් තුන්ලක්ෂ තිස් හත්දහස් නවසිය පනස් හයදෙනෙක් ඉල්ලුම් කර ඇති අතර, දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 2,888ක දී විභාගය පැවැත්වෙන බවයි ඔහු සඳහන් කළේ.

මේ වනවිටත් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 490 වෙත අදාළ ප්‍රශ්න පත්‍ර සියල්ලම නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ආපදා තත්ත්වයන්ට මුහුණ දී සිටින ප්‍රදේශවල සිටින සිසුන් විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ආපදා තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් සෘජුවම ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය 117 අංකය අමතා දැනුවත් කරන ලෙස ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටියා.

“ඕනෑම කෙනෙකුට විශේෂයෙන් දෙමව්පියන්ට, ගුරුවරුන්ටත් වුනත් ගැටලුවක් නෑ, ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය අමතා ඔබට තිබෙන ගැටලුව ඉදිරිපත් කරන්න. ඔවුන් සූදානමින් සිටිනවා. ලොකු කණ්ඩායමක් එහි යොදවන තිබෙනවා, ඔබට අවශ්‍ය සහාය ලබාදෙයි. ඕනම කෙනෙකුට කතා කරලා තමන්ගේ දරුවා විභාග මධ්‍යස්ථානයට රැගෙන එන්න පහසුකම් ලබාදීමට වැඩපිළිවෙළ සකස් කළා. නොහිතන විදිහට තමාගේ මධ්‍යස්ථානයට යන්න බැරි තත්ත්වයක් උදාවුණොත් ඒ දවස තුළ ආසන්නයේ ඇති වෙනත් ඕනෑම මධ්‍යස්ථානයකට දරුවන් යොමු කරන්න අවශ්‍ය පියවර අරන් තිබෙනවා. ඊට අවසරය ලබාදී තිබෙනවා. ඔබේ මධ්‍යස්ථානයට යන්න මාර්ගයේ කිසියම් බාධාවන් ඇති උනා කියලා කිසිසේත්ම බිය යුතු නැහැ. ඔබට වෙනත් විභාග මධ්‍යස්ථානයක මාරුවෙන්න අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. ඒ දරුවන් ඒ තත්ත්වයන්ට බියවෙන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.”

මේ අතර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන විභාග අපේක්ෂකයින් කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙස ද දන්වා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43
Video thumbnail
අජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - බෝල්ට් ඇණයි තක්කාලියි වගේ - කිසි සම්බන්ධයක් නෑ
12:29
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57