අනිද්දා පැය 04ක් රෝහල් වර්ජනයේ (වීඩියෝ)

මූලික වැටුපට රුපියල් 20,000ක් එකතු කරන ලෙස ඉල්ලා අනිද්දා (09) උදෑසන උදේ 8.00 සිට දහවල් 12.00 දක්වා රෝහල්වල රාජකාරිවලින් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළා.

මේ හේතුවෙන් රෝහල්වල රාජකාරී වලට බාධාවක් ඇතිවිය හැකි බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වැඩ වර්ජන ක්‍රියාදාමය මූලික රෝහල්වල පැවතියත්, මාතෘ හා ළමා රෝහලේ සහ පිළිකා රෝහලේ අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි ද සුගතානන්ද හිමියන කියා සිටියේ.

මේ අතර අනිද්දා (09) දිනයේ දී සියලුම ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා කිරීමට බලාපොරොත්තුවන බව ලංකා ගුරු සංගමය පවසනවා.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා ගුරුවරුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එක්වන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඊයේ (06) සඳහන් කළේ.

  1. ඉල්ලීම් දිනාගැනීමට සාකච්ඡා මාර්ගයෙන් නොහැකි වු විට විකල්ප මාර්ගය වැඩවර්ජනය බව මගේ ද පිලිගැනිමයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48