අනාරක්ෂිත ළිඳක රොන්මඩ තුළ සිරවී තිබූ පුද්ගල මළ සිරුරක් සොයාගැනේ

කුරුණෑගල, විල්ගම්දෙමටව ප්‍රදේශයේ ඉඩමක අනාරක්ෂිත ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අද (12) අලුයම් කාලයේ මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, මෙලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 58ක පුද්ගලයෙකුගේ සිරුරක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා අනාරක්ෂිත ළිඳ පිහිටි ඉඩමට යාබද නිවසක පදිංචිව සිටි අයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අදාළ පුද්ගලයා පෙරේදා (10) දහවල් කාලයේ මෙම ඉඩමේ වගාකර තිබූ කහ ගලවා ඇති අතර එම කටයුතු අවසන්ව සවස් කාලයේ නිවාස බලා ගොස් තිබෙනවා.

අනතුරුව එදිනම (10) රාත්‍රී 11.00ට පමණ ඔහු ආලෝකයක් නොමැතිව යළි ඉඩමට ඇතුළු වී ඇති අතර, එහිදී මෙම අනාරක්ෂිත ළිඳට වැටෙන්නට ඇති බවයි සැකපළ කරන්නේ.

නිවසින් පිටත්ව ආ පුද්ගලා පිළිබඳව තොරතුරක් නොමැවීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමටයි අසල්වාසීන් කටයුතු කර ඇත්තේ.

එහිදී අදාළ ළිඳ තුළ බෑගයක් පාවෙමින් තිබෙන දුටු පුද්ගලයෙක් ඒ පිළිබඳව අනෙකුත් පුද්ගලයින් දැනුවත්කර ඇති අතර,පසුව ඔවුන් විසින් අතුරුදන්ව ඇති පුද්ගලයා ළිඳ තුළට වැටී ඇද්ද යන්න සැකය මත ළිඳේ ජලය ඉසීමටයි කටයුතු කර ඇත්තේ.

එලෙස ජලය ඉසීමෙන් අනතුරුව ළිඳට වැටී ළිඳ තුළ තිබූ රොන්මඩවල සිරවී තිබිය දී අදාළ පුද්ගලයාගේ මළ සිරුර අද (12) අලුයම් කාලයේ දී සොයාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය දැනුවත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (12) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01