spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනාරක්ෂිත හරස් මාර්ගයකදී දුම්රියක කැබ් රථයක් ගැටෙයි (ඡායාරූප)

වැලිකන්ද දුම්රිය ස්ථානයේදී කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කැබ් රථයේ රියදුරා බරපතළ තුවාල ලබා තිබෙනවා.

කැබ් රථය දුම්රියේ ගැටෙන අවස්ථාවේ අඹුසැමි යුවළක් එහි ගමන් කර ඇති අතර කාන්තාව කැබ් රථයෙන් පැන දිවි බේරාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වැලිකන්ද රෝහලට ඇතුලත් කළ රියදුරා වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.

තුවාල ලබා ඇත්තේ වැලිකන්ද මොනරතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි දෙදරු පියෙක්.

අනතුර සිදුවන අවස්ථාවේ අනාරක්ෂිත හරස් මාර්ගයක් වන මෙම ස්ථානයේ මුරකරු නොසිටි බව සඳහන්.

අනතුර පිළිබඳ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
4
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?