අනාගත නායකයින් ලෙස සිසුන් නීතියට ගරු කරන තැනැත්තන් බවට පත්වීම අත්‍යවශ්‍යයි – නියෝජ්‍ය කථානායක

දරුවන් අනාගත නායකයින් ලෙසගොඩනැගීමේදී නීතියට ගරු කරන පුරවැසියන් බවට පත්වීම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි අවධාරණය කළා.

එමෙන්ම ජනතා නියෝජිතයින් තෝරා පත්කර ගැනීමේදී ද නීතියට ගරු කරන පුද්ගලයන් තෝරා ගැනීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නා.

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පසුගියදා පැවති බොගවන්තලාව ටියෙන්සින් දමිල මහා විදයාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් නියෝජ්‍ය කථානායකවරයා මේ අදහස් පළ කළා.

බොගවන්තලාව ටියෙන්සින් දෙමළ මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය කථානායකවරයා දරුවන් සිසු අවධියේ සිටම විනයට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, දෙමාපියන්, ගුරුවරුන් ඇතුළු වැඩිහිටියන්ට ගරු කරමින් ජීවිතයේ දුෂ්කරතා හඳුනාගෙන ඉදිරියට යාම සඳහා කැපවිය යුතු බවත් අවධාරණය කළා.

මෙම අවස්ථාවට එක්වූ නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර , වතුකර ප්‍රජාව නියෝජනය කරන සිසුන් විවිධ අභියෝග මධ්‍යයේ අධ්‍යාපනය හදාරමින් රටේ සංවර්ධනයට දායක වන බවත්, විෂය නිර්දේශයට පමණක් සීමා නොවී නායකත්වය, කණ්ඩායම් හැකියාව සහ තීරණ ගැනීමේ කුසලතා වර්ධනය කර ගැනීම තුළින් සිසුන්ගේ අනාගතය තවදුරටත් සාර්ථක කරගත හැකි බවත් සිසුන් අමතමින් සඳහන් සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (ජනාධිපති අරමුදල) සුභාෂ් රෝෂන් ජනාධිපති අරමුදල මගින් සිසුන් සහ මහජනතාව වෙත ලබාදෙන සේවාවන් පිළිබඳව පැහැදිලි කළා.

එසේම ජනාධිපති ලේකම් කාර්යාලවේ මහජන සබඳතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අමතමින් දරුවන් විනයගරුක, නායකත්වයෙන් හෙබි මානව හිතවාදී පුරවැසියන් බවට පත්වීමේ වැදගත්කම අවධාරණය කළා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන පුස්තකාලයාධිපති සියාද් අහමඩ් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යුහය, කාර්යභාරය, පාර්ලිමේන්තු ක්‍රමවේද සහ ක්‍රියාපටිපාටි පිළිබඳව සිසුන් දැනුවත් කරනු ලැබුවා.

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය කථානායකවරයා තෝරා පත්කර ගැනීම සහ මන්ත්‍රීවරයන් දිවුරුම් දීමෙන් ආරම්භ වූ අතර, අනතුරුව අමාත්‍ය මණ්ඩලය නියෝජනය කළ සිසුහු තම අමාත්‍යාංශ මගින් පාසල තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සම්බන්ධ යෝජනා සභාවට ඉදිරිපත් කරමින් අදහස් දැක්වුණා.

මෙම අවස්ථාවට සහභාගි වූ ශිෂ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙත නියෝජ්‍ය කථානායකවරයා, කාරක සභා නියෝජ්‍ය සභාපතිනි ඇතුළු විශේෂ ආරාධිතයන් විසින් සහතිකපත් ප්‍රදානය කරන ලැබුවා.

ටියෙන්සින් දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පති පී. ප්‍රභාකරන් මහතා ස්තුති කථාව සිදු කළා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සමන්ත මල්ලවආරච්චි, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් නදීක දංගොල්ල, බොගවන්තලාව ටියෙන්සින් දෙමළ මහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් සහ සිසුන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05