spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අන්තරේ වසන්ත ගැන පොලිස්පතිගෙන් විශේෂ නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තවත් දෙදෙනෙකු කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බවට සැක කෙරේ නම් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදෙන ලෙස පොලිස්පතිවරයා අදාල අංශ වෙත උපදෙස් දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළේ අත්අඩංගුවට ගෙන ඇති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන අය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා විමර්ශන නිලධාරීන් ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර ඇති බවයි.

ඒ, අනුව ඔවුන් තිදෙනා සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස පොලිස්පතිවරයා ඊයේ (21) නියෝග කළා.

මේ අතර අත්අඩංගුවේ පසුවන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය නායකයින් බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා ඊයේ (21) පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?