අන්තරේ වසන්ත ගැන පොලිස්පතිගෙන් විශේෂ නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තවත් දෙදෙනෙකු කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බවට සැක කෙරේ නම් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදෙන ලෙස පොලිස්පතිවරයා අදාල අංශ වෙත උපදෙස් දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළේ අත්අඩංගුවට ගෙන ඇති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන අය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා විමර්ශන නිලධාරීන් ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර ඇති බවයි.

ඒ, අනුව ඔවුන් තිදෙනා සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස පොලිස්පතිවරයා ඊයේ (21) නියෝග කළා.

මේ අතර අත්අඩංගුවේ පසුවන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය නායකයින් බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා ඊයේ (21) පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31