spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අන්තරේ වසන්ත ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසට අද (07) පෙරවරු 11.00 සිට රාත්‍රී 10.00 දක්වා කොළඹ මාර්ග කිහිපයක් ඔස්සේ ගාලුමුවදොර, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටිය යන පරිශ්‍රයන්ට ඇතුළුවීමෙන් වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මීට අමතරව තවත් නම් කරන ලද කොළඹ මාර්ග රැසක් අවහිර කිරීමෙන් වළකින ලෙස ද අධිකරණය අදාළ උද්‍ඝෝෂකයින්ට නියෝග කර ඇති බව සඳහන්.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය සංගම් 16ක ක්‍රියාකාරීන්ට සහ විරෝධතාවට සහභාගී වන තැනැත්තන්ට අදාළ නියෝගය වලංගු වනු ඇති.

ඉල්ලීම් 07ක් මුල්කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (07) දහවල් කොළඹ දී විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?