spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අන්තරේ වසන්ත ඇතුළු තිදෙනෙක් දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන්ත ගුණතිලක යන අය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසරය හිමි වූ බව පොලිසිය පවසනවා.

ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතිය ඒ සඳහා හිමි වූ බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

පසුගිය 18 වනදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ දී පැවැත් වූ විරෝධතාවක් අතරතුර වසන්ත මුදලිගේ ඇතුළු 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වුණා.

එහිදී වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා හැර සෙසු 15 දෙනා පසුගියදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?