අන්තරේ දස දෙනෙකුට ඇප

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැති විරෝධතාවයක් අතරතුර ඊයේ (10) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු සැකකරුවන් ඇපමත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කර තිබෙනවා.

ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහැරීමටයි මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ.

මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, බොරලැස්ගමුවේ විමලානන්ද හිමි සහ සීවලී හිමි ඇතුළු සැකකරුවන් 10 දෙනෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් යන අයට එරෙහිව මාළිගාකන්ද අධිකරණයේ පවරා ඇති නඩුව සඳහා මෝසමක් ගොනු කරමින් ඉදිරිපත් වන ලෙසද මහෙස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළා.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිකිරීමට එරෙහිව ඔවුන් එම විරෝධතාවය සංවිධානය කර තිබුණා.

මැතිවරණ පනත, මංමාවත් පනත මෙන්ම පොලිස් ආඥා පනත උල්ලංඝනය කරමින් ඔවුන් මෙලෙස උද්ඝෝෂණය කරමින් පෙළපාළියක් ආකාරයෙන් ගමන් ගත් බවත් කොටුව සහ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපතිවරුන් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

එම උද්ඝෝෂකයින් රාජකාරි නිමවා නිවෙස් වෙත යන සේවකයන්ට අවහිර වන ලෙස සම්පූර්ණයෙන්ම පාරක් අවහිර කරමින් ගමන් ගත් බවත් රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවත් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණා.

මෙම සැකකරුවන් කිසිදු අපේක්ෂකයෙකුට සහාය දීමක් සිදුකර නොමැති බවද අනාවරණය වනවා.

මැතිවරණ සමයේ විරෝධතා පෙළපාලි සඳහා කිසිදු ඉඩක් නොමැති හෙයින් ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියකු එම ස්ථානයට පැමිණ දැනුම් දී තිබුනද විරෝධතාකරුවන් පාගමන යෑමට සැරසීමත් සමග මංමාවත් අවහිර කරමින් සාපරාධී බලහත්කාරය පෑම මත ඔවුන්ව අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දන්වා තිබෙනවා.

මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කරන ලෙස ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ඔවුන් උද්ඝෝෂණය කළ බව සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ මඩුල්ල අධිකරණයෙන් කළ ඉල්ලීම සහ දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය ඔවුන්ව ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32