අන්තරේ අදත් මහ පාරට

අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය අද දහවල් උද්ඝෝෂණයක නිරත වුණා.

ඒ සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලය ඉදිරිපිටදීයි.

කප්පාදු කර ඇති මහපොළ ශිෂ්‍යත්වය වහාම ලබාදෙන ලෙස ඉල්ලමිනුයි උද්ඝෝෂකයින් විරෝධතාව පැවැත්වූයේ.

විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ගේ හිඟය, ශිෂ්‍ය නේවාසිකාගාර පහසුකම් නොමැති වීම හේතුවෙන් සෞන්දර්‍යය විශ්වවිද්‍යාලයේ පවතින ගැටලු වහාම විසඳීමට පියවර ගන්නා ලෙස ද විරෝධතාකරුවන් ඉල්ලා සිටියා.

මෙම විරෝධතාවට අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍යයින් සේ ම, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ද එක් ව සිටි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.