අන්තර් ආණ්ඩුවක් සහ අන්තර් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට යෝජනාවක්

මේ වනවිට රට තුළ තිබෙන අර්බුදය ජයගැනීමට නම් අන්තර් ආණ්ඩුවක් සහ අන්තර් කැබිනට් මණ්ඩලයක් පත් කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.

21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මේ බව පැවසුවා.

එම සංශෝධනය අනුව විධායක බලය අමාත්‍ය මණ්ඩලය වෙත පැවරිය යුතු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් බහුතරයේ විශ්වාසයක් ඇති මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීමට යෝජනා වී ඇත.

ඒ පිළිබඳව පැහැදිලි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය විජේදාස රාජපක්ෂ,

“විධායක බලය තනි පුද්ගලයෙක් අතේ තියෙනකම් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න බෑ. මේ බලය ජනතාවට සහ පාර්ලිමේන්තුවට වගකියන අමාත්‍ය මණ්ඩලය වෙත පැවරෙන්න ඕනේ. ඒ නිසා තමයි 21 වන ව්‍යවස්ථා සංශෝධනය මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. 21 වන සංශෝධනය යටතේ පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරෙන් එක් මන්ත්‍රිවරයෙක් සුදුස්සෙක් ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරගැනීමත් එම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බලය මෙහෙයවන්නට පුළුවන් සුදුස්සෙක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කරන්න ඕනේ.”

“ඒ අග්‍රාමාත්‍යවරයා විසින් ඒ ඒ විෂයයන් ගැන ප්‍රමාණවත් දැනීම තියෙන ඇමති මණ්ඩලයක් පත්කරන්න ඕනේ.”

“ඒ ඇමති මණ්ඩලයට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නියෝජනය වෙන්න ඕනේ.”

“මේක අන්තර් ආණ්ඩුවක්. අන්තර් කැබිනට් මණ්ඩලයක්. අලුතෙන් පත්කරන ජනාධිපතිවරයා සමගම වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය නිම වෙන්න ඕනේ. අග්‍රාමාත්‍යවරයා විසින් දෙනු ලබන උපදෙස් මත ජනාධිපතිවරයා විසින් සියලු විධායක කාර්යයන් ඉටු කරන්න ඕනේ.”

“එතකොට පාර්ලිමේන්තුව තුළ භේදවලින් තොරව කටයුතු කරලා දැනට තියෙන අභියෝගය ජයගන්න පුළුවන්.මේ ක්‍රමය වසරක් හෝ දෙකක් ගොස් ප්‍රශ්න විසඳුවාට පසු නැවත ජනතාවට අවස්ථාවක් දෙන්න ඕනේ රටට ආදරය කරන පාලකයින් කණ්ඩායමක් තෝර ගන්න.”

“ඒ වගේම මේ ව්‍යවස්ථාවේ අන්තර්ගත කරලා තියෙනවා ද්විත්ව පුරවැසියන්ට මේ රටේ මැතිඇමතිකම් දරන්න බෑ කියලා.” ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24