අන්තර්වාර රජයේ අගමැති මමයි – සාකච්ජා වලට නොපැමිණියොත් ගෝල්ෆේස් අරගලකරුවන්ට සිදුවන දේ ගැන ඉඟියක් දෙයි

අන්තර්වාර රජයක අගමැතිවරයා තමා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. කෙසේ වෙතත් එකාට එකා නැති තත්වයක් යටතේ අන්තර්වාර රජයක් පිහිටුවන්නේ කෙසේදැයි අගමැතිවරයා ප්‍රශ්න කර සිටිනවා.

තමාට ඉවත්වන්නැයි ඉල්ලා ඇත්තේ ඉතිහාසය ගැන නොදන්නා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් බවත් මන්ත්‍රීවරුන් බහුතරයක් තමා සමග සිටින බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටින්නේ.

කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලයේ යෙදී සිටින තරුණ තරුණියන්ට සාකච්ඡා සඳහා තමා නැවත වතාවක් ආරාධනා කරන බව පැවසූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එසේ නොපැමිණෙන්නේ නම් ඔවුනට දිගටම අරගල කරමින් සිටීමට සිදුවන බවද ප්‍රකාශ කර සිටියා.

රට යම් අසීරු තැනක තිබෙන බව තමා පිළිගන්නා බවත්,අර්බුදයෙන් රට ගොඩ ගැනීමට රජයට ශක්තිය ඇතැයිද ප්‍රකාශ කර සිටියා.

රට මීට වඩා අර්බුදවලට මුහුණ දුන් අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් තිබූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14