spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අන්තර්වාර රජයේ අගමැති මමයි – සාකච්ජා වලට නොපැමිණියොත් ගෝල්ෆේස් අරගලකරුවන්ට සිදුවන දේ ගැන ඉඟියක් දෙයි

අන්තර්වාර රජයක අගමැතිවරයා තමා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. කෙසේ වෙතත් එකාට එකා නැති තත්වයක් යටතේ අන්තර්වාර රජයක් පිහිටුවන්නේ කෙසේදැයි අගමැතිවරයා ප්‍රශ්න කර සිටිනවා.

තමාට ඉවත්වන්නැයි ඉල්ලා ඇත්තේ ඉතිහාසය ගැන නොදන්නා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් බවත් මන්ත්‍රීවරුන් බහුතරයක් තමා සමග සිටින බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටින්නේ.

කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලයේ යෙදී සිටින තරුණ තරුණියන්ට සාකච්ඡා සඳහා තමා නැවත වතාවක් ආරාධනා කරන බව පැවසූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එසේ නොපැමිණෙන්නේ නම් ඔවුනට දිගටම අරගල කරමින් සිටීමට සිදුවන බවද ප්‍රකාශ කර සිටියා.

රට යම් අසීරු තැනක තිබෙන බව තමා පිළිගන්නා බවත්,අර්බුදයෙන් රට ගොඩ ගැනීමට රජයට ශක්තිය ඇතැයිද ප්‍රකාශ කර සිටියා.

රට මීට වඩා අර්බුදවලට මුහුණ දුන් අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් තිබූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?