අන්තර්ජාල මුදල් හුවමාරු ක්‍රම ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ දෙදෙනෙක් මීගමුවෙන් අල්ලයි

අන්තර්ජාල මුදල් හුවමාරු ක්‍රම ඔස්සේ බැංකු ගිණුම්වලට මුදල් බැර කරවා ගෙන මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙක් මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟ මීගමුව, කට්ටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඊයේ (21) මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 29 සහ 31 වයස්වල පසුවන, ගල්කිස්ස සහ උඩුගම්පල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

මෙහිදී සැකකරුවන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 34ක්, අයිස් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 420ක් සහ හෙරොයින් ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 860ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් තුන්ලක්ෂ පනස් එක්දහස් දෙසීයක මුදලක් සහ ජාවාරම සඳහා යොදාගත් මෝටර් රථ දෙකක් ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මීගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57