අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ ලාංකිකයින් හා විදෙස් ජාතිකයින් පිරිසක් CID දැලේ (ඡායාරූප)

අන්තර්ජාලය හරහා මුදල් වංචා සිදුකළ ශ්‍රි ලාංකිකයින් දෙදෙනෙකු සහ විදෙස් ජාතිකයින් 28ක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ අංශයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක දී මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එලෙස අත්අඩංගුවට ගැනුණු විදෙස් ජාතිකයින් අතර පාකිස්ථාන ජාතිකයින්, ඉන්දීය ජාතිකයින්, නේපාල ජාතිකයින්, ඇල්ජිරියානු ජාතිකයින්, මැලේසියානු ජාතිකයින්, බංග්ලාදේශ ජාතිකයින් සහ ඉන්දුනීසියානු ජාතිකයින් සිටිනවා.

කොච්චිකඩේ ප්‍රදේශයේ හෝටලයක රැදි සිටිමින් මොවුන් මෙම නීතිවිරෝධී අන්තර්ජාල මුදල් වංචාවන් සිදුකර ඇති අතර, ඒ සදහා භාවිත පරිඝණක ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ලක්ෂ 58ක මුදලක් අන්තර්ජාලය හරහා ආයොජනය කර අගතියට පත් වූ පුද්ගලයෙක් විසින් අදාළ පැමිණිල්ල සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් 30 දෙනා මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33