අන්තර්ජාලය ඔස්සේ වෙළඳාම් සඳහා නීති රාමුවක්

අන්තර්ජාලය ඔස්සේ වෙළඳාම් කටයුතු සිදු කිරීමේදී පවතින වාණිජ නීති රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ හා අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් .

මෙම අවස්ථාව සඳහා මාර්ග ගත ක්‍රමය (ONLINE) ඔස්සේ වෙළඳාම් කටයුතු සිදු කරනු ලබන මෙරට ප්‍රධාන පෙළේ වෙළඳ ආයතන කිහිපයක නියෝජිතයින් එක්ව සිටි අතර ඔවුන් අන්තර්ජාලය හරහා වෙළදාම් කටයුතු සිදු කිරීමේදී මුහුණ දෙන ගැටළු හා ඒ සඳහා ශක්තිමත් නීති රාමුවක් පැවතීමේ අවශ්‍යතාවය පිළිබඳව අදහස් පළ කළා.

මාර්ග ගත ක්‍රමය ඔස්සේ වෙළඳාම් කටයුතු සිදු කරනු ලබන ව්‍යාපාරික ආයතනයන් මෙන්ම පාරිභෝගිකයින් යන දෙපාර්ශ්වයටම සාධාරණය ඉටු වන පරිදි හා අයිතීන් සුරක්ෂික වන අයුරින් නව නීති හදුන්වා දීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කර තිබෙනවා.

මේ සම්බන්ධව මේ වන විටත් සිදු කර ඇති පර්යේෂණ වාර්තාවන් ද අධ්‍යනය කරමින් නව නීති හදුන්වා දීම හා සංශෝධනය කිරීම සිදු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි අධිකරණ අමත්‍යාංශය නිවේදනය කළේ.

මෙයට සෘජුවම සම්බන්ධ වන ආයතන හා පාරිභෝගිකයන්ගේ අදහස් විමසා අදාළ නීති රාමුව සකස් කිරීම වැදගත් බවත්, වාණිජ නීති පද්ධතිය (e – Commerce) සමාලෝචනයට පත් කොට ඇති කමිටුව හා මාර්ග ගත ක්‍රමය (ONLINE) ඔස්සේ වෙළදාම් කටයුතු සිදු කරනු ලබන නියෝජිත ආයතන මේ පිළිබදව තවදුරටත් සාකච්ඡා කර නීති රාමුව ශක්තිමත් ලෙස සකස් විය යුතු බවටත්, අමාත්‍යවරුන් මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40