අන්තර්ජාලය හරහා සිදු කරන ලද මුදල් වංචාවක් සම්බන්ධයෙන් 2024.02.10 වන දින කරන ලද පැමිණිල්ලක් මත පරිඝණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
ඒ අනුව, ඊයේ (18) දින උදෑසන මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය විසින් ටෙලිග්‍රෑම් සමූහයක් හරහා අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් ඉපැයිය හැකි බවට පවසා බැර කරවා ගන්නා ලද මුදල් රුපියල් 542,877/= ක (පන්ලක්ෂ හතලිස් දෙදහස් අටසිය හැත්තෑහත) මුදලින් රුපියල් 66,999/= ක(හැටහයදහස් නවසිය අනූ නවයක්) මුදලක් වංචා කර ඇති බවට අනාවරණය වී තිබෙනවා
සැකකාරිය අවුරුදු 38 ක් වන බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.
පරිඝණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් ඒකකය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













