අන්තර්ජාලයේ භාණ්ඩ අලෙවි කරන දැන්වීම් සොයා සිදු කළ වංචාව

මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විවිධ පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර අලෙවි කිරීමට සූදානම් කර ඇති භාණ්ඩ හා දේපළ අත්පිට මුදලට මිලදී ගන්නා බව පවසා එම දේපළ කොළඹට ගෙන්වාගෙන මුදල් ලබා නොදී අගරු චෙක්පත් ලබාදී මුදල් වංචා කිරීම සම්බන්ධයෙනුයි සැකකරුවන්ට චෝදනා එල්ලවී ඇත්තේ.

මෙම පුද්ගලයන් එලෙස රුපියල් 1,640,000ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශනය කර භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගත් ලොරි රථ දෙකක් සමග මරදාන පොලිස් වසමේ කුමාර දොරටුව අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 48 සහ 50 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා කොළඹ 12 සහ 14 ප්‍රදේශවල පදිංචිකරුවන්.

පසුගිය 10 වනදා සැකකරුවන් මෙලෙස අගරු චෙක්පත් ලබාදී රුපියල් 1,640,000ක් වටිනා පොහොර කවර ලබාගෙන ලොරි රථ දෙකක පටවාගෙන දඹුල්ල ප්‍රදේශයට ගොස් අලෙවි කර මුදල් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයන් දෙදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 20ක ශරීර ඇප 4ක් මත මුදාහැර ඇති බවයි.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16