අන්කල් ප්ලීස් මාව අරගෙන යන්න අපේ ගෙදරට. එල්ලගනින් මේක කරේ.” – ඇඟ හිරිවැටෙන වෙඩින් රැග් එක

විවාහය කියන්නේ ජීවිතේ අමතක නොවන මොහොතක්. ඒ දවස වෙනුවෙන් සමහරු හීන මවනවා.

මේ වෙඩින් එක දවසේ කපල් එකට පොඩි රැග් එකක් දෙන එක සාමාන්‍ය දෙයක්.

හැබැයි සමහර වෙඩින් රැග් දැක්කම ඒවා ඕනෑවට වැඩියි කියලා හිතන තරමටම ඒවා ගැලපෙන්නේ නෑ.

ඒ විදිහේ වෙඩින් රැග් එකක් ගැන ලියවුණු අපූරු සටහනක් අපිට අන්තර්ජාලයෙන් හමුවුණා.

එම සටහන පහතින්….

මංගල රථය මාගේ සැමියා වූ රුවන්ගේගේ ගමට ඇතුල් වී විනාඩි කීපයක් ගත වූවා පමණි.

ත්‍රීවීලර් තුනක් අපගේ මංගල රථය වට කළේය.

මා භීතියෙන් ඇලලී ගොස් රුවන්ගේ මුහුණ දෙස බැලුවෙමි. ඔහුද ඉදිරිපස බලාගෙන සිටියේ ව්‍යාකූල වූ බැල්මකිනි.

හදිසියේම ඔහුගේ මුහුණෙහි සිනහවක් මතුවුණි.

මා කුතුහලයෙන් නැවතත් වීදුරුවෙන් එපිට බැලුවෙමි.

පැමිණ සිටියවුන්ගෙන් එක් අයෙකුගේ මුහුණුවර මට යන්තමට මතක් විණි. ඔහු රුවන්ගේගේ මස්සිනා කෙනෙකු බව ඔහු පෙරදා මට හඳුන්වා දුන්නා මතකය.

“මගේ බොක්කේ සෙට් එක. මතකයි නේද වෙඩින් එකට ආවා?” රුවන් විමසන අතරේ පිරිස මෝටර් රථයට තට්ටු කරන්නට වූවෝය.

රියදුරුද අප දෙස බැලුවේ අන්දමන්ද වූ බැල්මකිනි.

“බැහැපල්ලා බැහැපල්ලා…” පිටත කෑ ගසන හඬත්, හූ හඬත් ඇසෙද්දී මම තිගැස්සී ගියෙමි.

“අනේ මොකද මේ?” මම රුවන්ගේ අත සොලවමින් ඇසුවෙමි.

“බහිමු බහිමු” මාගේ ප්‍රශ්නයට පිලිතුරු නොදීම ඔහු පැවසුවේ දොර විවෘත කරමිනි.

ඔහුව පිටතට ඇද ගත් මිතුරන් ඔහුගේ හිසේ සිට නෑවී යන පරිදි ජල ප්‍රහාරයක් එල්ල කළේය.

මා රථයෙන් බිමට බැස්සා නෙවේ පැන්නෙමි.

“මොකද්ද ඒ කලේ? අයියෝ” මම කෑ ගැසුවේ ඔහුගේ හිසෙහි රැඳුනු බිත්තර කටු, කෙසෙල් ලෙලි කැබලි පිස දමමිනි.

“විකාර කරන්න එපා අමායා. ලැජ්ජයිනේ.” රුවන්ගේ මුවින් ගිලිහෙද්දී මම ගල් ගැසී ගියෙමි.

ඔහු ඔහුට වතුර ගැසූ අයට නොව, මා හට ලැජ්ජ කරන්නට එපා කියන්නේ මන්ද?

“නංගී නැගපන් මේ විල්බැරෝවට. එල්ල ගනින් මේක කරේ.” කියමින් එකෙකු මගේ අතට බෝර්ඩ් එකක් දුන්නේය. ඒ සමඟ නැගුනේ මහා හූ හඬකි.

බෝර්ඩ් එක දෙස බැලූ මාගේ දෙකන් රත් වී යනු මට දැනිනි. මෙවන් අසැබි වදන් සහිත බෝර්ඩ් එකක් මා කරෙහි එල්ලා ගන්නේ කුමකටද?

මා වෙව්ලමින් රුවන් දෙස බැලුවෙමි.

ඔහු සිනාසී මට ඉඟි කළේ එය කරෙහි එල්ලා ගන්නා ලෙසය.

ඔහුද එහි ඇති වදන් කියවූ බව මට හොඳින්ම විශ්වාසය.

ඇසිල්ලකින් මම රථයේ ඇරී තිබූ දොරෙන් නැවත ඇතුලට පැන ගත්තේ කිසිවෙකුටත් හිතා ගන්නට බැරි ලෙසය.

“ප්ලීස් මේක ලොක් කරන්න.” මම කියද්දීම රථයේ රියදුරුද දොරවල් ලොක් කලේය.

රුවන්ද සෙස්සෝ සමඟ එකතු වී රියට තට්ටු කරද්දී මාගේ නෙතින් කඳුලක් ඇද වැටිණි.

“අන්කල් ප්ලීස් මාව අරගෙන යන්න අපේ ගෙදරට” මම හැඬුවෙමි.

පසුපස රථයෙන් මාගේ මව්පියන්ද පැමිණෙන බවවත් මට සිහි වූයේ අප අසලින් නැවැත්වූ ඔවුන්ගේ රිය දකිද්දීය.

මගේ පියා ඔහුගේ රථයෙන් බැස වේගයෙන් අප සිටි තැනට පැමිණියේය.

“මොකද්ද රුවන් පුතා මේකේ තේරුම? මේ වගේ නොසන්ඩාල ජෝක් වලටද මම මගේ දුවව උඹලට පරිස්සමින් භාර දුන්නේ?” තාත්තා විමසුවේ බිම වැටී තිබුණු අර බෝර්ඩ් එක කියවීමෙන් අනතුරුවය.

“අනේ අන්කල් මේ යාලුවන්ගේ පොඩි විහිලුවක්නේ.” රුවන් කීවේය.

“පළවෙනි දවසෙම තමන්ගේ ගෑණිව රැක ගන්න බැරි වුණු තමුසෙට කොහොමද මම මගේ දුවව භාර දෙන්නේ ජීවිත කාලෙටම බලා ගන්න කියලා?” තාත්තා කෝපයෙන් විමසනවා මට ඇසුණි.

මම නැවතත් රථයේ දොර හැරගෙන එලියට බැස්සෙමි.

“ආපෝ විහිලු නොතේරෙන එවුන් එක්ක අපිට ගනුදෙනු නැහැ.” රුවන්ගේ මිතුරන් එකිනෙකා ලිස්සා යන්නට වූයේ එලෙස කියමිනි.

“මේවා විහිලුද මිනිහෝ? මේවා නොසන්ඩාල, සත්තුවත් නොකරන කැත වැඩ.” තාත්තා කෑ ගැසුවේ පිටව යන පිරිස දෙස බලමිනි.

“දුව මට බයයි මේ වගේ දෙයක් සාමාන්‍යයි කියලා දැකපු රුවන් ගාව දුවව තියන්න.” තාත්තා විමසුවේ මගෙනි.

“මටත් බයයි තාත්තේ මේ ගමේ මෙයාලා එක්ක ඉන්න.” මම කීවා නෙවේ, කෙඳිරුවෙමි.

“අමායා.. මේ අහන්න. අනේ මම ඔයාට වරදක් කරන්න හිතුවේ නැහැ. ඒත් ඒ මගේ යාලුවොනේ.” රුවන් ගොත ගසමින් කියද්දී මගේ නෙතින් කඳුලක් වැටුණි.

“රුවන් පුතා. ඒ ඔයාගේ යාලුවෝ නෑදෑයෝ බව ඇත්ත. ඒත් මේ ඔයාගේ වයිෆ්. අර තරම් ජරා දේවල් ලියපු බෝර්ඩ් එකක් වයිෆ්ගේ කරේ එල්ලන්න හදද්දි පුතාට කරන්න තිබ්බේ පැහැදිලිව ඒකට විරුද්ධ බව කියන එක මිසක් උන් එක්ක එකතු වෙන එක නෙවේ.” සියල්ල බලා සිටි අම්මාද පැවසුවාය.

“මම කෙල්ලව අරන් යනවා. මගේ කෙල්ලව ඕනෙ නම් අපේ ගෙදර ඇවිත් පදිංචි වෙන්න.

මොකද මම කැමති මේ වගේ බාල අදහස් තියෙන මිනිස්සු මැද්දේ මගේ කෙල්ලව තියන්න.” කියූ තාත්තා මා තුරුලු කරගෙනම ඔවුන් පැමිණි රථයට නැග්ගේය.

රුවන් වේදනාවෙන් බලා සිටිද්දී මා පියාගේ උරහිසේ මුහුණ සඟවා ගත්තෙමි.

“රුවන් එහෙ නවතින්න එයි දුව. ආවේ නැතත් කමක් නැහැ. අපි යමු.” අම්මා කියද්දී මමද එයට එකඟ වෙමින් හිස වැනුවෙමි.

සමාදි ඩයස් – උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

  1. මේවා ඇත්ත ටම ගෝත්‍රිකය්…එහෙම නැතිනම් මානසික ප්‍රශ්න තවත් කෙනෙක් අපහසු තාවයට පත්කිරීම රැග් කිරීම…දරුනු මානසික අවපීඩන ට පත් වෙන විදිහේ..දේවල් කිරීමෙන් සතුටු වීම නතර කිරිමට කාලෙ දැන් හරි …ඒ තාත්ත හරියටම හරි මට ත් දුවෙක් ඉන්නව මම ත් කරන්නෙ ඔය ටිකම තමයි

  2. ලන්කාවෙ අඩු මන්ද මානසික අසහනයෙන් පෙලෙන කොටසක් ඉන්නවා, උන් තමා හිතන්නෙ මෙවා ලොකු වෙඩ වාගෙ ; උන්ට හීන මානය ; උන් හිතන්නෙ උන් ලොකු දෙයක් කරා කියලා, ඇප්‍රිකාවෙ වත් මෙ වාගෙ බලු විහිලු නැහෙ , සමහරු හිතනවා මෙවා විහිලු කියා , ඒ මන්ද බුද්ධිකයන්

  3. මනමාලි කරපු දේ හරි. ඔහොම දේකදි විරුද්ද නොවෙනව නම් ඊට වඩා දේකදි ඒ මනුස්සයව විශ්වාස කරන්නෙ කොහොමද



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21