spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනවසර විදුලි රැහැනක පැටලී වැලිමඩ තරුණයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

වගාවකට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් අද (25) අලුයම වැලිමඩ, අඹගස්දෝව, දන්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කසුන් නිරන්ජන නැමැති 29 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක්.

ප්‍රදේශයේ පදිංචි ගොවියෙක් විසින් වන සතුන් දඩයම් කිරීමට බෝංචි වගාවකට ඇද තිබූ අනවසර විදුලි රැහැනක මෙම තරුණයා පැටලී ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අනවසර විදුලි රැහැන ඇද්ද බව කියන 35 හැවිරිදි පුද්ගලයෙක් සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?