spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනවසර විදුලි රැහැනක ගැටී වන අලියෙකු මරුට

වවුනියාව, සෙට්ටිකුලම ප්‍රදේශයේ දී අනවසර විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.

ගෙවත්තක් වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් වන අලියා අද (15) උදෑසන මෙලෙස මරණයට පත්ව ඇති බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක් පමණ වයසැති, අඩි 8කට ආසන්න උසකින් යුත් වන අලියෙක්.

මියගිය අලියාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද (15) දහවල් වනජීවී දෙපාර්තමේන්තු උතුරු පළාත් භාර පශු වෛද්‍යවරයා විසින් පවත්වා තිබෙනවා.

එම පශ්චාත් මරණ පරීක්ෂණය මගින් ද අනාවරණය වී ඇත්තේ වන අලියා විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අනවසර ලෙස විදුලි රැහැන් ඇද තිබූ ඉඩම් හිමිකරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව වනජිවි කාර්යාල නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?