අනවසර විදුලි රැහැනක ගැටී වන අලියෙකු මරුට

වවුනියාව, සෙට්ටිකුලම ප්‍රදේශයේ දී අනවසර විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.

ගෙවත්තක් වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් වන අලියා අද (15) උදෑසන මෙලෙස මරණයට පත්ව ඇති බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක් පමණ වයසැති, අඩි 8කට ආසන්න උසකින් යුත් වන අලියෙක්.

මියගිය අලියාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද (15) දහවල් වනජීවී දෙපාර්තමේන්තු උතුරු පළාත් භාර පශු වෛද්‍යවරයා විසින් පවත්වා තිබෙනවා.

එම පශ්චාත් මරණ පරීක්ෂණය මගින් ද අනාවරණය වී ඇත්තේ වන අලියා විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අනවසර ලෙස විදුලි රැහැන් ඇද තිබූ ඉඩම් හිමිකරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව වනජිවි කාර්යාල නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18