spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනවසර විදුලි රැහැනක ගැටී ඇතෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

කහටගස්දිගිලිය නෙකටුනුවැව ප්‍රදේශයේ ගෙවත්තක් වටා ඉදිකර තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් අවුරුදු ද18ක් පමණ වයසේ පසුවූ ඇතකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද අළුයම මෙම ඇතා ගම් වැදී ඇති අතර එහිදී ගෙවත්තක් වටා ඉදිකර ඇති විදුලි රැහැනකට එහි හිමිකරු විසින් ගෘහස්ථ විදුලිය සම්බන්ධ කර තිබීම හේතුවෙන් එහි ගැටී මෙම ඇතා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අඩි දෙකයි අඟල් හතරක් පමණ දිගැති ඇත් දළ දෙකක් සහිත මෙම ඇතාගේ මරණය සම්බන්ධයෙන් අවුරුදු 56ක පුද්ගලයකු වනජීවී කාර්යාලය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර අඩවි වනජීවී කාර්යාල නිලධාරීන් විසිනුයි සිදු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?