spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනවසර විදුලි රැහැනකට තවත් සද්ධන්තයෙක් බිලි

වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ ගෙවත්තක් වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් පමණ වන අලියෙක් බවයි වැලිකන්ද වනජීවී කාර්යාලය සඳහන් කළේ.

වනජීවී නිලධාරීන් විසින් සිදු කරන ලද විමර්ශනවලදී ගෙවත්ත වටා ඇද තිබූ බව කියන අනවසර විදුලි කම්බි සහ අධිබලැති බැටරියක් ද සමග ඉඩමේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

35 හැවිරිදි සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත නිදහස් කරන ලෙසටයි නියෝග කෙරුණේ.

මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශු වෛද්‍යවරු ඇතුලු වනජීවී නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?