අනවසර ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවරයින් නව දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් දඩයම් කිරීම වැළැක්වීම සඳහා නාවික හමුදාව ඊයේ මුලතිව් මුහුදු තීරයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි. ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ව්‍යර්ථ කිරීම සඳහා නාවික හමුදාව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් ද යොදවා තිබෙනවා. 

එහිදී නාවික හමුදා නිලධාරීන් විසින් ඉන්දීය යාත්‍රාවේ තිබූ ධීවර ආම්පන්න ද අත්අඩංගුවට ගත්තා. 

ධීවරයින් 09 දෙනා ත්‍රිකුණාමලය වරායට රැගෙන ඒමෙන් පසු ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරුණා.