අනවසර ඉදිකිරීම් වළක්වන්න පළාත් පාලන පනතට සංශෝධන

අනවසර ඉදිකිරිම් වැළැක්වීම සඳහා පළාත් පාලන පනතට ඉදිරියේදී සංශෝධන කිහිපයක් ගෙන එන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට පවතින බාධක මෙමගින් දුරුවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

වරිපනම් බදු ඇතුලුව පළාත් පාලන ආයතනවල සියලු ගෙවීම් අන්තර්ජාල ගත කිරීමේ වැඩසටහන අකුරණ ප්‍රාදේශීය සභාවෙන් ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබෙනවා.

මහජන බැංකුව හා එක්ව මෙම වැඩසටහ ක්‍රියාත්මක වන අතර ප්‍රාදේශීය සභාවේ බදු ඇතුලු සියලු ගෙවීම් මාර්ගත ක්‍රමයට සිදුකිරීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇති.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පළාත් පාලන ආයතන 346ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර 2024 වසරේ මාර්තු මාසය වන විට සියලුම පළාත් පාලන ආයතන තුළ අන්තර්ජාල ගෙවීම් සිදුකළ හැකි බවයි.

අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතන අතර ලිපි හුවමාරුවන කාලය තුළ දී ඉදිකිරීම් සිදුවන බවත් ඒවා ඉවත් කිරීමේ තීරණ ගැනීමේදී පුද්ගලයන් එහි පදිංචිවී සිටීම නිසා ගැටලු රැසක් මතුවන බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හිරේ ඉන්න මිනිස්සු බිත්ති හතරකට කොටුවෙලා පීඩනයක ඉන්නේ"
01:16
Video thumbnail
බන්ධනාගාරෙට යවන්න තිබුණේ හමුදාව.. පොලිසිය ගැන කිසි විශ්වාසයක් නෑ..
01:23
Video thumbnail
බන්ධනාගාරයවත් ආරක්ෂා කරන්න බැරි තත්ත්වයට රට පත්වෙලා
02:08
Video thumbnail
තාත්තයි පුත්තු දෙන්නයි ඇතුළේ..අම්මා අඬනවා..ඇයි මෙහෙම වුණේ ?පහුගිය ආණ්ඩුවලත් මෙහෙම සිද්ධි වුණානේ
08:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.07
00:00
Video thumbnail
අජිත් බන්ධනාගරය ගැන කියලා හර්ෂණට කට උත්තර නැතිකරයි - දෙවැනි කැරැල්ල වළක්වා ගන්න තිබුණා
08:11
Video thumbnail
මීගමුව බන්ධනාගාරය අසළ නවතම දර්ශන මෙන්න - හමුදාව බෆර් රථවල රැදී සිටින අයුරු
00:53
Video thumbnail
"රාජකාරිය වෙනුවෙන් දිවි පුද කළ දර්ශන තරංග" - ඔබ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා..
01:14
Video thumbnail
T 56 කවුළුවට දාලා වෙ# තියනවා..කවුද මේවට අණ දුන්නේ ?හමුදාව පාවිච්චි කරලා පාලනය කරන්න තිබ්බා
04:43
Video thumbnail
නාමල්ගෙන් අලුත් වැඩක් - ජනතාවගේ ප්‍රශ්න ගැන අපි කතාකරනවා
02:26