spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනතුරේ දී උපකාර කළ තරුණයින් දෙදෙනාට සුවය ලබන රිෂාබ් පාන්ට්ගෙන් තුති

දරුණු රිය අනතුරකට මුහුණ පෑ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් මේ වනවිට සුවය ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර, සුවය ලබමින් පසුවන රිෂාබ් පාන්ට් සිය ට්විටර් ගිණුමට සටහනක් තබමින් රසිකයින්ට, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ වෛද්‍ය කණ්ඩායමට තමන්ට සහාය දැක්වීම සම්බන්ධයෙන් ස්තූතිය පුද කර සිටියා.

එමෙන්ම විශේෂ ට්විටර් සටහනක් එක්කරමින්, තමන් අනතුරට ලක්වූ මොහොතේ ආරක්ෂිතව රෝහලට යෑමය උපකාර කළ තරුණයින් දෙදෙනෙක්ට ද ඔහු විසින් විශේෂ ස්තූතියක් පිරිනමා තිබෙනවා.

“සෑම කෙනෙකුටම තනි තනිව ස්තූති කිරීමට මට නොහැකි වන්නට ඇත, නමුත් මගේ අනතුරේ දී මට උදව් කළ සහ මා ආරක්ෂිතව රෝහලට යාමට සහතික වූ මෙම වීරයන් දෙදෙනා මම පිළිගත යුතුය. රාජත් කුමාර් සහ නිෂු කුමාර් ස්තූතියි. මම සදහටම කෘතඥ වෙනවා සහ ණයගැති වෙනවා.” යනුවෙනුයි රිෂාබ් පාන්ට් එහි සටහන් කර ඇත්තේ.

7 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?