අනතුරට ලක්වූ යානය සම්බන්ධ අසත්‍ය ප්‍රකාශ ආරක්ෂක අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පසු අල්-ෂබාබ් ත්‍රස්ත කණ්ඩායම විසින් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් බවට වන අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්‍ෂක අමාත්‍යාංශය පවසනවා.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමක් අතරතුරදීයි භාණ්ඩ ප්‍රවාහන ගුවන් රාජකාරීන්හී නියුතු ගුවන් හමුදාවේ MI 17 හෙලිකොප්ටරයක් (SMH 4417) ඊයේ (12) Sam-Oundja වෙත ගොඩ බෑමේදී අනතුරට ලක්වී තිබුණේ.

අධික දූවිලි සහිත කාළගුණ තත්වයක් යටතේ ඇති වූ රොටර්වොශ් බ්‍රවුන්අවුට් (RWB) තත්වයක් හේතුවෙන් එය අනතුරට ලක්වී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළා.

සිද්ධිය වන අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු මෙම හෙලිකොප්ටරයේ සිටි අතර කිලෝග්‍රෑම් 1200කින් යුත් භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිට තිබුණා.

අනතුරින් කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළා.

කාර්ය මණ්ඩල සාමාජිකයන් සියලු දෙනා සහ එම හෙලිකොප්ටරය මේ වනවිට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා සාම සාධක හමුදා කඳවුරේ ආරක්‍ෂිතව ඇති බවයි ආරක්‍ෂක අමත්‍යංශය තහවුරු කර ඇත්තේ.

සිදු වූ අනතුර පිළිබඳව කඩිනමින් සොයා බැලීමට ‌මෙන්ම හානියේ නිශ්චිත හේතුව සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා ගුවන් හමුදාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසටයි ආරක්‍ෂක අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11