spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනතුරට ලක්වූ යානය සම්බන්ධ අසත්‍ය ප්‍රකාශ ආරක්ෂක අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පසු අල්-ෂබාබ් ත්‍රස්ත කණ්ඩායම විසින් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් බවට වන අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්‍ෂක අමාත්‍යාංශය පවසනවා.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමක් අතරතුරදීයි භාණ්ඩ ප්‍රවාහන ගුවන් රාජකාරීන්හී නියුතු ගුවන් හමුදාවේ MI 17 හෙලිකොප්ටරයක් (SMH 4417) ඊයේ (12) Sam-Oundja වෙත ගොඩ බෑමේදී අනතුරට ලක්වී තිබුණේ.

අධික දූවිලි සහිත කාළගුණ තත්වයක් යටතේ ඇති වූ රොටර්වොශ් බ්‍රවුන්අවුට් (RWB) තත්වයක් හේතුවෙන් එය අනතුරට ලක්වී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළා.

සිද්ධිය වන අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු මෙම හෙලිකොප්ටරයේ සිටි අතර කිලෝග්‍රෑම් 1200කින් යුත් භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිට තිබුණා.

අනතුරින් කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළා.

කාර්ය මණ්ඩල සාමාජිකයන් සියලු දෙනා සහ එම හෙලිකොප්ටරය මේ වනවිට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා සාම සාධක හමුදා කඳවුරේ ආරක්‍ෂිතව ඇති බවයි ආරක්‍ෂක අමත්‍යංශය තහවුරු කර ඇත්තේ.

සිදු වූ අනතුර පිළිබඳව කඩිනමින් සොයා බැලීමට ‌මෙන්ම හානියේ නිශ්චිත හේතුව සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා ගුවන් හමුදාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසටයි ආරක්‍ෂක අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?